වසන් වන සඳ - Wasan wana sanda

වසන් වන සඳ - Wasan Wana Sanda

වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

මවා දී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක් පොලෝ තලයට කඩා වැටුනා
සරා සඳකට දරාගන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

නිවීයන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම
හිතේ ගැඹූරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

-
පද රචනය : දිල්ශාන් පතිරත්න
තනු නිර්මාණය : වික්ටර් රත්නායක / සංඛ දිනෙත් 
ගායනය : වික්ටර් රත්නායක / සංඛ දිනෙත් 
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments