රත්නදීප ජන්ම භූමි - Rathna Deepa Janma Bhumi

රත්නදීප ජන්ම භූමි - Rathna Deepa Janma Bhumi



රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
පිරිස: රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
             මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
පිරිස: සාර වූ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
පිරිස:මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් 
පිරිස: සංග්‍රාම භූමියේ
             ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

පිරිස: රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි

             මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පිරිස: සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා 
පිරිස: සිත් ප්‍රබෝධයෙන් පුරා
             රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි

පිරිස: රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි


             මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි

ගංගා තරංග රාව දී රිදී වනින්
පිරිස: ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ 
පිරිස: ආකාශයේ නැගී
            ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

පිරිස: රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි



             මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
පිරිස: සාර වූ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි

ගීතයේ කතාව
පද රචනය : මහගම සේකර
තනු නිර්මාණය :
ගායනය : ඩබ්ලිව්. ඩී අමරදේව
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments

Post a Comment