විඩා ගෙන දෙන මගේ හදවත - Vida gena dena mage hadawatha

විඩා ගෙන දෙන මගේ හදවත  - Vida gena dena mage hadawatha 


විඩා ගෙන දෙන මගේ හදවත
විඩා ගෙන දෙන මගේ හදවත
දවන පාළුව තනිකමයි
දවන පාළුව තනිකමයි

දුරින් සිටි අය ළඟින් සිටි අය
දුරස් වන විට දැනෙන තනිකම
ටිකින් ටික මා සිත දවයි
තනිකමෙන් මා සිත දැවෙයි

විඩා ගෙන දෙන මගේ හදවත
දවන පාළුව තනිකමයි
දවන පාළුව තනිකමයි

ළගින් ලඟ හිඳ හදින් හද ගෙන 
දුරස්වන විට දැනෙන තනිකම
විටින් විට මා හඳ දවයි
තනිකමෙන් මා සිත දැවෙයි


විඩා ගෙන දෙන මගේ හදවත
දවන පාළුව තනිකමයි
දවන පාළුව තනිකමයි

ගීතයේ කතාව
පද රචනය : ඒ.බි. ලලිත් ද සිල්වා
තනු නිර්මාණය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments