මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල - Mihidum Salu Pili Paladi Namunu Kula

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල - Mihidum Salu Pili Paladi Namunu Kula


පිරිමි - මිහිදුම් සළු තිර
           පැළඳි නමුණුකුල 
           සෙවනැල්ලේ
           මුළු ලොවින් සැඟවගමු 

ගැහැනු - නිකෙළෙස් හද බැඳී
              විකසිත ආදර
              තේමා ගීතය 
              එක්ව ගයන්නට

පිරිමි - මිහිදුම් සළු තිර
           පැළඳි නමුණුකුල 
           සෙවනැල්ලේ
           මුළු ලොවින් සැඟවගමු 

ගැහැනු - නිකෙළෙස් හද බැඳී
              විකසිත ආදර
              තේමා ගීතය

              එක්ව ගයන්නට

ගැහැනු - වන ගැබ වන ඵළ 
              නෙළා ගෙනෙන්නම්
              වනමල් දහරින් 
              මාල ගොතන්නම්

පිරිමි - පෙම් රකුසන්ගෙන්
           ඔබ සුරකින්නම්
           තුරු සෙවනැල්ලක
           මල් අතුරන්නම්

ගැහැනු - මිහිදුම් සළු තිර
           පැළඳි නමුණුකුල 
           සෙවනැල්ලේ
           මුළු ලොවින් සැඟවගමු 

පිරිමි - නිකෙළෙස් හද බැඳී
              විකසිත ආදර
              තේමා ගීතය 

              එක්ව ගයන්නට

ගැහැනු - ඕනෑ නැත අන් 
              කිසිවක් මිහිමත
              පාරාදීසය
              මෙහි ඉදිවී ඇත

පිරිමි -  මානවිකාවෙනි 
           හෙට හිරුකිරණට
           ටිකිරි සිනාවක් 
           මුසුකරලනු මැන

ගැහැනු - මිහිදුම් සළු තිර
           පැළඳි නමුණුකුල 
           සෙවනැල්ලේ
           මුළු ලොවින් සැඟවගමු 

පිරිමි - නිකෙළෙස් හද බැඳී
              විකසිත ආදර
              තේමා ගීතය 


              එක්ව ගයන්නට

ගැහැනු - මිහිදුම් සළු තිර
           පැළඳි නමුණුකුල 
           සෙවනැල්ලේ
           මුළු ලොවින් සැඟවගමු 

පිරිමි - නිකෙළෙස් හද බැඳී
              විකසිත ආදර
              තේමා ගීතය 


              එක්ව ගයන්නට
ගීතයේ කතාව
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනු නිර්මාණය : නිමල් පෙරේරා
ගායනය : සුනිල් එදිරිසිංහ සමග නීලා වික්‍රමසිංහ
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments