දිය කිඳූරිය සේ සාගරේ - Diya kinduriya se sagare

දිය කිඳූරිය සේ සාගරේ - Diya kinduriya se sagare


දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දේහ ලතාවේ රූසිරු වරුණේ - නොදැනෙයි මේ නෙත යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ - සැඟවේවා අද පාවෙලා
ගිනිදැල් පරදා හසකැන් නැගුනා - පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා - සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ - උපදින සසරේ වාසනා

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දෙදෙනා හමුවී පෙරදා සසරේ - උන්නා සේ මට ලංවෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ -  කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ - ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ  - දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ - ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

-
පද රචනය : උපාලී දනවනවිතාණ - Upali Danawanavithana
තනු නිර්මාණය : සරත් ද අල්විස් - Sarath De Alvis
ගායනය : එච්.ආර්.ජෝතිපාල - H.R Jothipala
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments